ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය දෙගුණ කරනවා



ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය දෙගුණ කරන බව මෙරට එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය කොළඹ දී ප්‍රකාශ කළා ය.

ඇමෙරිකා එක්සත් ජනපද - ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ දී අදහස් දක්වමින් ඇය මේ බව කීවා ය.

ශ්‍රී ලංකාව නැවතත් සෞභාග්‍යයේ මාර්ගයට ගෙන ඒම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයටත් ශ්‍රී ලංකාවටත් සහයෝගයෙන් කටයුතු කළ හැකි බව ද ඇය පැවැසුවා ය.

ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර තිබෙන ද්විපාර්ශවීය වෙළෙඳාම හේතුවෙන් ඇමෙරිකාවට අපයනය යවන ක්ෂේත්‍රයේ සිටින සේවකයන් 180,000කට වැඩි පිරිසකට සහාය හිමි වන බව ද ඇය කීවා ය.

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායවලට මූල්‍ය පහසුකම් ලබාදීම, පොහොර සඳහා සහාය දැක්වීම, ගොවීන්ට බීජ ලබාදීම, අධ්‍යාපන හුවමාරු වැඩසටහන්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා පුහුණුව ලබාදීම යනාදිය ද ඇතුළුව විවිධ අංශ සහ ක්‍රමවේද ඔස්සේ ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය දෙගුණ කරණ බව ඇය කීවා ය.

ඊට අමතරව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණීම සඳහා ද සහාය දක්වන බව ඇමෙරිකානු තානාපතිවරිය වැඩිදුරටත් පැවැසුවා ය. 

(හර්ෂණ තුෂාර සිල්වා)


RECOMMEND POSTS