ශ්‍රී ලංකාව මට ආගන්තුක නෑ: එ.ජා. මහ ලේකම් කියයි
තමන්ට ඉතාම සමීප ශ්‍රී ලංකාවේ නුදුරේදීම සංචාරය කිරීමට දැඩි කැමැත්තෙන් පසුව බවද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අමත්‍ය මංගල සමරවීර මහතා හමුවේ සඳහන් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි මහසභා සැසියට සහභාගී වී සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සහ එක්සත් ජාතීන්ගේ නව මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා අතර විශේෂ හමුවක් පැවති බව විදේශ කටයුතු අමත්‍යාංශය පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ධූරයට අන්තගුටරෙස් මහතා පත්වීමෙන් පසුව අමාත්‍ය මංගල සමරවීර මහතා මහ ලේකම්වරයා හමුවූ ප්‍රථම අවස්ථාවද මෙයවන අතර ශ්‍රී ලංකා රජයේ නියෝජිතයෙකු හමුවූ මුල් අවස්ථාවද වේ.
මානව හිමිකම් කවුන්සිල මූලස්ථානයේ දී පෙරේදා පැවති මෙම හමුවේදී විදේශ අමාත්‍යවරයා විසින් මේවනවිට ශ්‍රී ලංකාවේ සිදු කෙරනෙ ප්රතිසන්ධාන වැඩකටයුතු පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාව දැනුවත් කර ඇත.
එම හමුවේදී අදහස් දක්වා ඇති අන්තෝනියෝ ගුටරෙස් මහතා සඳහන් කර ඇත්තේ රජයේ එම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ සංවිධානය හැමවිටම සහාය සලසන බව දන්වා සිටියේය.
එක්සත් ජාතීන්ගේ නව මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා ඉකුත් ජනවාරි මාසයේ සිය රාජකාරී කටයුතු ආරම්භ කළ අතර සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන් මහකොමසාරිස් ලෙස කටයුතු කළ අවදියේ එනම් 2006 වසරේදී හෙතෙම ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූයේය.
තිළිණි ද සිල්වා