ශ්‍රී ලංකා ප්‍රජාව සෑම විටම නවසීලන්තයේ කොටසක්



කිසිදු ආගමක්, විශ්වාසයක් හා දැහැමක්, ජනවර්ගයක්, සංස්කෘතියක් හෝ භක්තියක් හෝ නොමැති පුද්ගලයකු විසින් මෙම ප්‍රහාරය එල්ල කළේ යැයි නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිදුවීම සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකා ප්‍රජාව සෑම විටම නවසීලන්තයේ කොටසක් බවත් ඔවුන් කිවි සමාජයේ වටිනා කොටසක් එම ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.

“කිවි” යනු නවසීලන්තයට ආවේණික කුරුල්ලකු වන අතර නවසීලන්ත හැඳින්වීමට ද යොදාගනී. එමෙන්ම කිවි කුරුල්ලන් නවසීලන්තයේ ජාතික සංකේතයකි.

එම ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වේ.

“නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර දී අද ත්‍රස්ත ප්‍රහාරයක් සිදු වූ බව අපට කනගාටුවෙන් වුවත් පිළිගන්නට සිදුවෙනවා. මේ අමාරු අවස්ථාවේ දී මේ ප්‍රහාරයෙන් තුවාල ලැබු හෝ පීඩාවට පත්වූ හෝ පිරිස වෙනුවෙන් අපි අපගේ කනගාටුව පළ කරනවා.

ප්‍රහාරකයා තනිව මේ ප්‍රහාරය කර ඇති බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් ප්‍රකාශ කර තිබෙනවා. කිසිදු ආගමක්, විශ්වාසයක් හෝ දැහැමක්, ජනවර්ගයක්, හෝ සංස්කෘතියක් හෝ නොමැති තනි පුද්ගලයෙක් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රජාව සෑම විටකම නවසීලන්තයේ ම කොටසක්. ඒ වගේම සෑම විටම කිවි සමාජයේ වටිනා කොටසක්”.


RECOMMEND POSTS