ශ්‍රී ලංකා - සෞදි සබඳතා: ශ්‍රී ලංකා තානාපතිගේ නව සැලසුම් ඇමති මංගලට පිළිගන්වයි
සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ප්‍රගතියක් අත්කර ගත හැකි යම් යම් ක්ෂේත්‍ර හඳුනා ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
මෙම ඉලක්ක සපුරා ගැනීමේදී සුදුසු දැක්මක් සහ මෙහෙවර ප්‍රකාශයක් සැකසීමට එකඟ වූ අතර ඒවා යථාර්තයක් බවට පත්කර ගැනීම සඳහා සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තස්සිම් මහතා විසින් විසින් ඇරඹූ “2020 දැක්ම” ව්‍යාපෘතියේ විස්තරාත්මක වාර්තාව ශ්‍රී ලංකා තානපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත පිරිනමන ලදී.
වෙළඳ සහ වාණිජ හා ඍජු විදේශීය ආයෝජන, ද්වීපාර්ශවික හා බහුපාර්ශවික සබඳතා සංචාරක කටයුතු ප්‍රවර්ධනය, තොරතුරු තාක්ෂණය, රැකියා හා මානව සම්පත් සංවර්ධනය සුභ සාධන සංවර්ධනය, අධ්‍යාපන සංවර්ධනය හා සංස්කෘතික සමෝධාණීකරණය හා ප්‍රවර්ධනය වැඩි දියුණු කළහැකි ක්ෂේත්‍ර ලෙස හඳුනා ගන්නා ලදී.
මෙම ව්‍යාපෘතියේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන සැලසුම් සැකසීමේදී එහි වෙසෙන ලාංකික ප්‍රජාව තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සමග එක්ව කටයුතු කළේය.
තිළිණි ද සිල්වා