වූහාන් කොටුවුණු පිරිස රැගෙන එයි



නව කොරෝනා වයිරසය පැතිරෙද්දී, සීල් තැබුණු චීනයේ වූහාන් නගරයේ කොටුවී සිටි ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 33 දෙනා යළි මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුම ශ්‍රී ලංකන් ගුවන් සේවය මැදිහත්වීමෙන් සිදුවිය.

එම උදාර මානුෂීය මෙහෙයුමට සම්බන්ධ වූයේ යූඑල් 1423 ගුවන් යානයයි. වූහාන් බලා ගොස් එම සිසු සිසුවියන් ආපසු ගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සාමාජිකයෝ 16 දෙනෙක් ඉදිරිපත් වූහ. ඒ, ස්වේච්ඡාවෙන්, දිවි පරදුවට තබමිනි.

චීනයේ වැඩ බලන ශ්‍රී ලංකා තානාපතිවරයා, බීජීං චීන තානාපති කාර්යාලය සහ වූහාන් බලධාරීහු මෙම මෙහෙයුමට සම්බන්ධ වූහ.

චීනයේ වූහාන් සිට සිසුන් 36 දෙනා රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානය අද (1) ගොඩබෑවේ මත්තල ගුවන්තොටුපොළටය.

මත්තල ගුවන්තොටුපොළේ සිට පිරිස දියතලාව හමුදා කඳවුරට ගෙන ගොස් නිරෝධායනය (වෙන් කර) කිරීම සිදුවිය.


RECOMMEND POSTS