විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ අවම වැටුප ඩොලර් 300යි



 

    

    ( විනීතා එම් ගමගේ)

 විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ අවම වැටුප ලබන ජනවාරියේ සිට ඇමරිකන් ඩොලර් 300 (රුපියල් 45,000) දක්වා වැඩි කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ප්‍රකාශ කළාය.

දිගු කලක් තිස්සේ මෙම වැටුප නියම කිරීමට බලාපොරොත්තු වූ නමුත් ඊට බොහෝ බාධක පැමිණි නිසා ප්‍රමාද වූ බවද අමාත්‍යවරිය කීවාය.

2017 ජනවාරියේ සිට ඩොලර් 300 කට වඩා අඩු වැටුපකට ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට කිසිදු රටකට අවසර නොලැබෙනු ඇතැයි අතුකෝරල මහත්මිය තව දුරටත් පැවැසුවාය.

   අතුකෝරල මහත්මිය මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා විදශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඊයේ :05* පැවැති වන්දි බෙදා දිමේ  අවස්ථාවකට සහභාගි වෙමිනි. විදේශ රටවල සේවය කරමින් සිටියදී විවිධ හේතුන් නිසා මියගිය 33 දෙනෙකු වෙනුවෙන් රුපියල් 54ල00ල000 ක් වන්දි වශයෙන් මෙහිදී බෙදා දෙනු ලැබිණිග විගමණික සුභ සාධන අරමුදල මඟින් මේ සඳහා මුදල් වෙන්කර තිබිණි.

  


RECOMMEND POSTS