විදේශ රැකියා සඳහා ශිෂ්‍යත්ව



ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට මේ වසර වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීම සඳහා අයදුම් පත් කැඳවා ඇත.
මෙහිදී පහ වසර ශිෂ්‍යත්වය සමත්, අපොස සාමාන්‍ය පෙල හා උසස් පෙළ සමත් දරුවන් වෙනුවෙන් මෙම මූල්‍යාධාර පිරිනමන ලබයි.

මේ පිළිබඳ වැඩි විස්තර හා අයදුම් පත් www.slbfe.lk යන කාර්යංශයේ වෙබ් අඩවිය හරහා ලබා ගත හැකි අතර අයදුම්පත් යොමු කළ යුතු අවසන් දිනය අප්‍රේල් 30 වැනිදා වේ.

විදේශ රැකියා සඳහා ලියාපදිංචි වී නීත්‍යානුකූල අයුරින් විදේශ ගත වන පිරිස දිරිමත් කරන අරමුණින් 1996 දී එවකට කම්කරු ඇමති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව ආරම්භ කර ඇති මෙම වැඩ පිළිවෙල අනුව මේ දක්වා පාසල් දරුවන් 44832 දෙනෙක් වෙනුවෙන් රුපියල් කෝටි අනූවකට ආසන්න මුදලක් ශිෂ්‍යාධාර ලෙස කාර්යංශය විසින් ප්‍රදානය කොට ඇත.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS