විදෙස්ගත ශ්රමිකයන්ගෙන් ඉහළ ආදායමක්
( තිළිණි ද සිල්වා )
මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා ගතවූ පළමු මාස 08 තුළ දී විදෙස්ගත ලාංකික ශ්රමිකයින් විසින් මෙරටට රුපියල් බිලියන 695.2 ක මුදලක් එවා තිබෙන බව ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තා වල සදහන් වේ.
මෙය ඉකුත් වසරේ පළමු මාස 08 ක කාලය තුළ මෙරටට ලැබූනු විදෙස්ගත ශ්රමිකයින් ඉපැයූ මුදල සැසඳීමේ දී එය සියයට 13.6ක වර්ධනයක් යැයි මහබැංකු වාර්තාවේ සදහන්වේ.
ඉකුත් 2015 වසරේදී විදෙස්ගත ලාංකික ශ්රමිකයින් විසින් රුපියල් බිලියන 612.3 මුදලක් මෙරට එවා ඇත.
මේ අතර 2016 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා පළමු මාස 09 තුල දී මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් ලද ආදායම රුපියල් බිලියන 361.9 ක් වන අතර 2015 වසරේ මුල් මාස අට තුළ එම වටිනාකම රුපියල් බිලියන 291.7 ක් ලෙසත් වාර්තා වී තිබේ.කෙසේ වෙතත් සංචාරකයින් පැමිණීමෙන් රටට හිමි වන ආදායමට වඩා විදෙස් ගත ලාංකික ශ්රමිකයින්ගෙන් වැඩි ආයාදයමක් හිමිවීම විශේෂත්වයකි.