විදෙස්ගත අයට උපරිම සේවයක් ඉටු කරනවා - නව විදේශ ඇමති කියයි



මාතෘභූමිය දේශපාලනමය හෝ වෙනත් කිසිඳු වර්ගීකරණයකින් තොරව නව වෙනස්කම් සමඟ ඉදිරියට යාමේ අභියෝගය බාරගැනීමට සූදානම් බවත් , අවශ්‍ය වන්නේ ලෝකයේ සංචාරය කිරීම නොව රටේ ජීවත්වන අයට සහ විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සේවය ඉටුකරන්න යැයි නව විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා පසුගිය 25 දා පැවසීය.

අමාත්‍ය රවි කරුණානායක මහතා මේ බව සදහන් කළේ විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස එම ධූරයේ වැඩබාර ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති උත්සවයේදීය.

වර්ග  කිරීමකින් තොරව මාතෘභූමිය මවට සමාන කොට සළකා කටයුතු කරන බවත් , එදා රට ආරක්ෂා කළා මෙන් අදද විදේශ කටයුතු තුළින් රට ජාත්‍යන්තරය තුළ නැවතත් ආරක්ෂා කරන බව ද නව විදේශ අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

තිළිණි ද සිල්වා

ඡායාරූප - ඉෂාන් සංජීව


RECOMMEND POSTS