විදෙස් ශ්‍රමිකයන්ගේ දරු දැරියන්ට ශිෂ්‍යත්ව
විදේශ ගත ශ්‍රමිකයින්ගේ අධ්‍යාපනය ලබන දූ දරුවන් වෙනුවෙන් මේ වසරේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා රුපියල් ලක්ෂ 590 ක් (රු. 59,020,000 ) ආසන්න ප්‍රමාණයක් වෙන් කර ඇති අතර, මෙමඟින් දරුවන් 2976 දෙනෙක් වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කර තිබෙන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.
මේ අනුව 2016 වසරේ 5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවන් 876 දෙනෙකු වෙනුවෙන් එක් අයෙකුට රු.15,000 බැඟින් රුපියල් .13,140,000 ද, 2015 වසරේ අ.පො.ස(සා/පෙළ) සමත් දරුවන් 1712 දෙනෙකු එක් අයෙකුට රු.20,000 බැඟින් රුපියල් රු. 34,240,000 ද, 2015 වසරේ අ.පො.ස (උ/පෙළ) සමත්වී විශ්ව විද්‍යාල වරම් ලැබූ දරුවන් 388 දෙනෙකු සඳහා එක් අයෙකුට රු.30,000 බැඟින් රුපියල් රු 11,640,000 ද, 2017 වර්ශය වෙනුවෙන් පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇතැයි ඇය කිවාය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කා්රයාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගත වූ විගමනික දෙමාපියන්ගේ, දූ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනයට සහාය වීමක් හා සුභසාධන කටයුත්තක් ලෙසත්, විගමනික දෙමාපිය දූ දරු ශිෂ්‍යත්ව ක්‍රමය ක්‍රියාත්මක වේ. තම මව හෝ පියා විදේශ රැකියාවක නිරත වී සිටින කාලය තුල, මෙරට සිටින තම දරුවන්ගේ අධ්‍යාපනයට ශක්තියක් වෙමින්, ඒ සඳහා මූල්‍ය සහයක් ලබා දීම ශිෂ්‍යත්ව වැඩසටහනේ පරමාර්ථයකි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් 1996 දී මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කර ඇත.
මෙවර වැඩිම ශිෂ්‍යත්වලාභී දරුවන් ප්‍රමාණයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් දරුවන් 307 ක් වශයෙනි.
එසේම මෙවර නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයෙන් දරුවන් 294 දෙනෙකුද, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් දරුවන් 295 දෙනෙකුද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් දරුවන් 131 දෙනෙකුද වශයෙන් දරුවන් 720 දෙනෙකු ශිෂ්‍යත්ව ලැබීමට සුදුසුකම් ලබා ඇත.මෙවර වැඩිම ශිෂ්‍යත්වලාභීන් ප්‍රමාණයක් වාර්තා වන්නේද නැගෙනහිර පළාතෙනි.
ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ශිෂ්‍යත්වලාභීන් 48 දෙනෙකුද, මොණරාගල දිස්ත්‍රික්කයෙන් දරුවන් 18 දෙනෙකුද වශයෙන් දරුවන් 66 දෙනෙකු ශිෂ්‍යත්ව ලැබීමට සුදුසුකම් ලබා ඇත.
බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ශිෂ්‍යත්වලාභීන් 192 දෙනෙකුද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් දරුවන් 307 දෙනෙකුද, කලුතර දිස්ත්‍රික්කයෙන් දරුවන් 177 දෙනෙකුද වශයෙන් දරුවන් 676 දෙනෙකු ශිෂ්‍යත්ව ලැබීමට සුදුසුකම් ලබා ඇත.
උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයෙන් දරුවන් 27 දෙනෙකුද, මන්නාරම දිස්ත්‍රික්කයෙන් දරුවන් 4 දෙනෙකුද, වවිනියාව දිස්ත්‍රික්කයෙන් දරුවන් 5 දෙනෙකුද, කිළිනොච්චිය දිස්ත්‍රික්කයෙන් දරුවන් 3 දෙනෙකුද, මුලතිව් දිස්ත්‍රික්කයෙන් දරුවන් 1 දෙනෙකුද, වශයෙන් දරුවන් 40 දෙනෙකු ශිෂ්‍යත්ව ලැබීමට සුදුසුකම් ලබා ඇත.
මධ්‍යම පළාතේ නුවර දිස්ත්‍රික්කයෙන් ශිෂ්‍යත්වලාභීන් 236 දෙනෙකුද, මාතලේ දිස්ත්‍රික්කයෙන් දරුවන් 92 දෙනෙකුද, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් දරුවන් 46 දෙනෙකුද වශයෙන් දරුවන් 374 දෙනෙකු ශිෂ්‍යත්ව ලැබීමට සුදුසුකම් ලබා ඇත.
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශිෂ්‍යත්වලාභීන් 259 දෙනෙකුද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් දරුවන් 70 දෙනෙකුද, වශයෙන් දරුවන් 329 දෙනෙකු ශිෂ්‍යත්ව ලැබීමට සුදුසුකම් ලබා ඇත.
දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශිෂ්‍යත්වලාභීන් 209 දෙනෙකුද, මාතර දිස්ත්‍රික්කයෙන් දරුවන් 72 දෙනෙකුද, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දරුවන් 61 දෙනෙකුද වශයෙන් දරුවන් 342 දෙනෙකු ශිෂ්‍යත්ව ලැබීමට සුදුසුකම් ලබා ඇත.
උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ශිෂ්‍යත්වලාභීන් 120 දෙනෙකුද, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් දරුවන් 63 දෙනෙකුද, වශයෙන් දරුවන් 183 දෙනෙකු ශිෂ්‍යත්ව ලැබීමට සුදුසුකම් ලබා ඇත.
සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ශිෂ්‍යත්වලාභීන් 65 දෙනෙකුද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් දරුවන් 181 දෙනෙකුද, වශයෙන් දරුවන් 246 දෙනෙකු ශිෂ්‍යත්ව ලැබීමට සුදුසුකම් ලබා ඇත.
විනීතා එම් ගමගේ