විදෙස් නැවියාට ශ්‍රී ලංකා නාවික හමුදාවේ පිහිට
කටාර් රාජ්‍යයේ සිට දකුණු කොරියාව යාත්‍රා කරමින් තිබූ ග්‍රීසියට අයත් ‘ඇලොනිසොන්’ වෙළඳ නෞකාවේදී හෘදයා බාධයකට ලක් වූ විදේශීය නාවිකයකුට ඊයේ (30) ශ්‍රී ලංකා නාවික හමුදාවේ පිහිට හිමිවිය.
ශ්‍රී ලංකා නාවික හමුදාව වහා ක්‍රියාත්මක වී, ප්‍රථමාධාර ලබා දෙමින්, එම විදේශිකයා කොළඹ රංගල නාවික හමුදා කඳවුර වෙත රැගෙනවිත්, පසුව පෞද්ගලික රෝහලකට ඇතුළත් කළේ යැයි නාවික හමුදාව පවසයි.
විදේශිකයා නාවිකයා හෘදයාබාධයට ලක් වෙද්දී, ඇලොනිසෝන් නෞකාව කොළඹ වරයාට නුදුරින් ජාත්‍යන්තර මුහුදු සීමාවේ යාත්‍රා කරමින් තිබුණි.
නාවිකයා හෘදයාබාධයකට ගොදුරු වුණු බවත්, ඔහුට කඩිනමින් වෛද්‍ය ආධාර අවශ්‍ය බවත්, නැවේ කපිතාන්වරයා මැදිහත් වී ‘සමුද්‍රය ගලවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (එම්.ආර්.සී)’ ට දැනුම් දී තිබේ.
ඉන්පසු ශ්‍රී ලංකා නාවික හමුදාවට ඒ බව දැනුම් දුන් අතර, නාවික හමුදාව වහා ක්‍රියාත්මක වී ඇත.
නෞකාව යාත්‍රා කරමින් තිබුණේ කොළඹ රංගල නාවික හමුදාව කඳවුරට ආසන්නයෙන් බැවින්, නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් කොළඹ ප්‍රදීපාගාරයේ සිට මුහුදු සැතපුම් 31 ක් පමණ දුරක් ගොස් විදේශිකයා රැගෙන ඔහු නාවික කඳවුරට ගෙන ඒමට කටයුතු කළේ යැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුථ ගේ මහතා කියයි.
නාවික හමුදාව විසින් විදේශිකයාට අවශ්‍ය මුලික ප්‍රතිකාර ලබා දී ඉන්පසු ගිලන් රථයකින් ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ගෙන ගොස් ඇතුළත් කළේ යැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.
සටහන: ඉන්දිකා රාමනායක
ඡායාරූප: ශ්‍රී ලංකා නාවික හමුදාව