ලාංකිකයෙකු කුවේටයේදී ගෙල වැළලා ගෙන මියයයි



කුවේටයේදී ශ්‍රී ලාංකිකයෙකු ගසක එල්ලී ගෙල වැළලා ගෙන දිවි හානි කර ගැනීමේ සිද්ධියක් අරැබ් ටයිම්ස් වෙබ් අඩවිය ඊයේ (01) වාර්තා කළේය.

කුවේටයේ අර්දියා ප්‍රදේශයේ දී මෙම ලාංකිකයා දිවි හානි කර ගෙන ඇතැයිද එම වෙබ් අඩවි වාර්තාවේ සඳහන් වේ.

පුද්ගලයෙකුගේ මළ සිරුරක් එරට අර්දියා ප්‍රදේශයේ ගසක් අසල වැටී ඇති බවට අර්දියා ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් කුවේටයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී ඇති අතර පසුව එරට ආරක්ෂ අංශ නිලධාරීන් පිරිසක් සිද්ධිය වු ස්ථානයට පැමිණ එම මළ සිරුර පරීක්ෂා කර ඇත.

කුවේට් ආරක්ෂක අංශ විසින් පරික්ෂා කර බැලීමේදී එම මළසිරුරේ ගෙළ ප්‍රදේශයේ කඹයක් එතී තිබෙන බව දක්නට ලැබී තිබේ.ඒ අනුව මෙම පුද්ලගයා සිරුර එරට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පරීක්ෂණ සඳහා ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු ගසෙහි එල්ලී ගෙළ වැළලා ගෙන මියයන්නට ඇති බවටටත් කුවේට් ආරක්ෂක අංශ හෙලිදරව්ව කර ගෙන ඇත.

මිය පුද්ගලයා ලාංකිකයෙකු බවට තහවුරු වූවත් ඔහුගේ නම් ගම් ,කිනම් ස්ථානයක රැකියාව කරන්නෙක් ද  යන්න තහවුරු කර ගැනීමට කුවේට් ආරක්ෂක බලධාරීන්ට නොහැකි වී ඇතැයි අරැබ් ටයිම්ස් වෙබ් අඩවියේ සඳහන් වේ.

ඔහුගේ සියලු විස්තර සොය ගැනීමට කුවේට බලධාරීන් කටයුතු කරමින් සිටන බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

 

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS