ලාංකික සරණාගතයන්ට තුන්වැනි රටක්



චාගොස් දූපත් වල සිට බ්‍රිතාන්‍යයේ රැකවරණ ඉල්ලා සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් ස්වේච්ඡාවෙන් ශ්‍රී ලංකාවට නොපැමිණෙන්නේ නම් ඔවුන් ආරක්‍ෂිත තුන්වන රටක් වෙත ගෙන යාමට බ්‍රිතාන්‍ය තීරණය කර ඇතැයි බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත වාර්තා කළේය.

 ස්වේච්ඡාවෙන් ශ්‍රී ලංකාවට නොයන්නේ නම් වෙනත් ආරක්‍ෂිත තුන්වෙනි රටකට පිටත් කර හරින බව දියාගෝ ගාර්සියා දුපතේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් 120 දෙනෙකුට පමණ මෙසේ  බ්‍රිතාන්‍ය රජය දැනුම් දී ඇතැයි බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත ප්‍රකාශ කළේය.ඔවුන් පිටත් කරන තුන්වෙනි රට කුමක් දැයි බ්‍රිතාන්‍ය රජය සඳහනක් කර නොමැති බව බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත පෙන්වා දුන්නේය.

චාගොස් දූපත් සමූහයේ පාලනය පිළිබඳ මොරිෂස් සහ එක්සත් රාජධානිය අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති අතර චාගොස් දූපත් සමූහය මොරිෂස් සමූහාණ්ඩුවට අයිති බවත් දුපත් සමූහය නැවත මොරිෂස් සමූහාණ්ඩුවට භාරදිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර ඇත.

(විමුක්ති එස් රුද්‍රිගු)


RECOMMEND POSTS