ලාංකික ශ්‍රමිකයින්ට අලුත් ණය පහසුකම්
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට රුපියල් මිලියන 10 ක් දක්වා සහන නිවාස ණයක් ලබාදීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
එමෙන්ම ත්‍රිරෝද රථ රියදුරන්ට කුඩා මෝටර් රථ මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ විස්සක් දක්වා සහන ණයක් ලබාදීමටද බලාපොරොත්තු වන බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන පුළුල් කිරීම යටතේ මෙම ණය සහන ලබාදීමට නියමිතයි.
මෙහිදී විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදෙන නිවාස ණය වසර 15 ක් තුළදී ගෙවා නිම කළ යුතු අතර, ඒ සඳහා වසර දෙකක සහන කාලයක්ද හිමිවනවා.
මේ සඳහා සුදුසුකම් ලැබීමට සංක්‍රමණික සේවකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විය යුතු අතර, සිය ඉපයීම්වලින් කොටසක් දේශීය බැංකුවක තැන්පත් කළ යුතු බව මුදල් අමාත්‍යාංශය කියා සිටී.