ලාංකික ශ්‍රමිකයින් රැසක් දැඩි අපහසුතාවට
එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා පිටත්ව යාමට සූදානම් වී සිටින ශ්‍රමිකයින්ට රැපිඩ් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට පහසුකම් මෙරට රෝහල් වල නොමැතිවීම නිසා ලාංකික ශ්‍රමිකයින් රැසක් මේ වනවිට දැඩි අපහසුතාවට පත්ව ඇතැයි වාර්තාවේ.
මෙලෙස පීඩාවට පත්ව ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සේවයේ නිරතව සිට නිවාඩු ලබා දිවයිනට පැමිණ යළි එරටට යෑමේ අපේක්ෂාවෙන් සිටින ලාංකික ශ්‍රමිකයින් පිරිසකි.
මාස 3කට ආසන්න කාලයක් පැවති ගුවන් තහනම ඉවත් කරමින් පසුගිය 06 වෙනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍ය ශ්‍රීලංකාවේ සිට ගුමන් ගමන් ආරම්භ කිරීමට කටයුතු කළද , එරට සෞඛ්‍ය මාර්ගෝපදේශ යටෙත් ගුවන් මගීන් සිය ගුවන් ගමන් ඇරඹිමට පෙර පැය 4කට පෙර අනිවාර්යයෙන් කළ යුතු රැපිඩ් පී.සී.ආර් පරීක්ෂණ කළ යුතු බව ලාංකික ශ්‍රමිකයින් කිහිප දෙනෙකු ලංකාදීපයට පැවසිය.
එම පරීක්ෂණ කිරීමට පහසුකම් ශ්‍රීලංකාවේ රෝහල් වල නොමැති වීම නිසා තමන්ට නිසි පරිදි එමීරයේ ගමනාන්ත වෙත වාර්තා කිරීමට නොහැකි වී ඇතැයි ද ඔවුහූ පෙන්වා දෙති.
අනුමත නිවාඩු ගත කිරීම සදහා දිවයිනට පැමිණි මෙම ශ්‍රමිකයින් දැනට මාස 5 පමණ සිට නැවත රාජකාරී සදහා වාර්තා කිරීම නොහැකි වීමෙන් තම රැකියා අහිමි වීමේ අවදානමක් ද පවතින බව ඔවූහූ කියා සිටිති..
එබැවින් මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නැයි ජනාධිපති හා අගමැති ප්රමුඛ රජයෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද ඔවූහු පවසති.
මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් කළ විමසීමකදි එම කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී මංගල රන්දෙණිය මහතා සදහන් කළේය රැකියා සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා පිටත් යාමට සූදානම් වී සිටින ලාංකික ශ්‍රමිකයින්ට එරට අනිවාර්ය කර ඇති රැපිඩ් පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් මෙරටදී කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බවය.
එම වැඩපිළිවෙළ සකසන තෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා විදේශගත වීමට සූදානම් වීමෙන් වළකින්නැයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.
අදාළ රැපිඩ් පී.සී.ආර් පරීක්ෂණය වෙනුවට වෙනත් පරීක්ෂණයක් ගුවන් තොටුපොළේදී සිදු කිරීමට අනුමැතිය ලබා දෙන්නැයි ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම මේවන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කළ බවද ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ අධ්යක්ෂ ෂෙහාන් සුමනසේකර කීය.
( තිළිණි ද සිල්වා)