ලාංකික තරුණයා කොරියාවේදී අතුරුදන්
කොරියාවේ රැකියාවේ නියුතුව සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු දින කිහිපයක් තිස්සේ අතුරුදහන් වී ඇතැයි එරට තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ගාල්ල බද්දේගම පදිංචිව සිටි මෙම ලාංකික තරුණයා 2014 වර්ෂයේදී කොරියානු භාෂා ප්රවීනතා විභාගය සමත්ව කොරියාවේ රැකියාව සදහා විදේශ ගත වී තිබේ.සියොල් නුවර සිට කිලෝ මීටර් 400 ක් පමණ ඈතින් පිහිටි තේගු නගරයේ මොහු සේවය කර ඇත.
දැනට විදේශ රැකියාවක යෙදී සිටින තම මව හා මෙරට වෙසෙන තම පියා සමඟ දිනපතා දුරකථනයෙන් කතා කිරීමට මෙම තරැණයා පුරැදු වී සිටි බවත් ඉකුත් පසුගිය අප්‍රේල් 14 වෙනි දිනෙන් පසුව ඔහු පිළිබඳ කිසිදු ආරංචියක් හෝ දුරකථන ඇමතුමක් නොලද බව පවුලේ ඥාතීන් විසින් පවසා තිබේ. මෙම තරැණයා පවුලේ එකම දරැවාය.
මොහුගේ යැයි සැක කෙරෙන රන් දම්වැලක්, ඇඳුම් හා පාවහන් ද ජලාශයක් ඉවුරේ තිබෙන අයුරැ සහිත සේයාරූ කිහිපයක් යම් කෙනෙකු විසින් ඔහුගේ මවට යවා ඇත.
එමෙන්ම මේ වන විට තරුණයාගේ ජංගම දුරකථනය ද ක්‍රියා විරහිත වී ඇති බවත් පවසන පවුලේ ඥාතීන් මේ සම්බන්ධව විදේශ රැකියා අමාත්‍යාංශයට පැමිණිල්ලක් යොමු කොට තිබේ.
මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් කළ විමසීමක දී එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ මේ වනවිටත් සිද්ධියසම්බන්ධව සොයා බැලීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් කිහිප දෙනෙකු සිද්ධිය වී ඇති ස්ථානය බලා ගොස් ඇති බවකි.
එමෙන්ම සිද්ධීය පිළිබඳ පරික්ෂණ පවත්වන කොරියානු පොලිසිය 25 දින වාර්තාවක් සපයන බව දන්වා ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේය.
විනීතා එම් ගමගේ