ලංකාවේ සංවර්ධනයට සෞදියෙන් කෝටි 4024 ක්
ශ්‍රී ලංකාවේ ප්රධනපෙළේ සංවර්ධන ව්‍යාපෘති දෙකක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 263ක ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4024 ක) මූල්‍යාධාර ලබාදීමට සෞදි අරාබිය පියවර ගෙන ඇත.
මහවැලි ගෙඟ් වම් ඉවුර පහළ නිම්නය සංවර්ධනය කිරීම ඉන් එක් ව්‍යාපෘතියක් වන අතර වයඹ විශ්වවිද්‍යාල සහ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය දෙවැන්නයි.
මහවැලි ගෙඟ් වම් ඉවුර පහළ නිම්න ව්‍යාපෘතිය යටතේ කින්නියා - කන්තලේ, ත්‍රිකුණාමලය සහ පොළොන්නරුව ප්‍රදේශවල කුඹුරු සඳහා කන්න දෙකේදීම වාරි ජලය සැපයීමට සැලසුම් කෙරේ.
ඒ සඳහා වූ ගිවිසුම්වලට රියාද් නුවර දී ඉකුත් සිකුරාදා අත්සන් තැබූ බවයි ඇරබ් නිව්ස් පුවත්පත සඳහන් කර සිටී.
සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ උපදේශක අබ්දුල්ලා අල් ෂෙඩෝකි සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග ඊට අත්සන් තබා තිබේ.
තිළිණි ද සිල්වා