රුවන් ඊජිප්තු අගමැති හමුවෙයි



කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන අප්‍රිකානු දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා එහි ගොස් සිටින දේශගුණික විපර්යාස පිළිඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ඊජිප්තු අගමැති  මුස්තාපා මැඩිබොව්ලි මහතා හමුවී සාකච්ඡා කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම සමුළුවට සහභාගී වී සිටින රුවන් විජයවර්ධන මහතා ඊජිප්තු අගමැතිවරයා  සමඟ දෙරට අතර වෙළෙද හා දේශගුණික විපර්යාස පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. 

දේශගුණික විපර්යාස අවම කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගන්නා ක්‍රියාමාර්ග ගැනද රුවන් විජයවර්ධන මහතා මෙහිදි ඊජිප්තු අගමැතිවරයා දැනුම්වත් කර ඇත.

එසේම දෙරට අතර වෙළෙද කටයුතු වර්ධනය කර ගැනීම ගැනද මෙහිදී අදහස් හුවමාරුවී තිබේ. කෙන්යාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කනා කනනාතන් මහතා ද මෙම හමුවට සහභාගී විය.


RECOMMEND POSTS