රාජගිරිය ආයුර්වේද රෝහලේ කොරෝනා වාට්ටුවට උපකරණ බෙදා දෙයි



'කොවිඩ් 19' රෝගීන් වෙනුවෙන් වෙන් කළ රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ ඇඳන් සියයක වාට්ටුව සඳහා, අවශ්‍ය උපකරණ ලබා දීම පසුගිය දා සිදුවිය.

අවශ්‍ය උපකරණ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාට ප්‍රධානය කිරීම සිදුවූයේ, ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් එම්.ආර්.ඩබ්ලිව්.ඩි. සොයිසා මහතාගේ උපදෙස් පරිදි සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මේජර් ජනරාල් ජගත් විජේසිරි මහතාගේ මැදිහත් වීමෙනි.

ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ කාර්යාලීය කාර්ය මණ්ඩල සාමාන්‍යාධිකාරී ඉන්ජිනේරු ශ්‍රීමති සේනාධීර මහතා, කළමණාකරු  ආරක්ෂක සේවා කපිතාන් අර්ජුන සිල්වා යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් වූහ.

ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන මහතාගේ පූර්ණ ආශිර්වාදය යටතේ සිදුවුණු මෙම පුණ්‍ය කටයුත්ත සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබුවේ ලේඛනාධිකාරී, විභාග අංශය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍ය වසන්. දේශප්‍රිය මහතා විසිනි.

මෙම අවස්ථාවට, දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමත්‍යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක පූජ්‍ය යටමලගල සුමසාර හිමියෝ ද සහ සම්බන්ධීකරණ ලේකම් ඒ.ඩී. සංජය සුජීව මහතා ද  රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්.එම්.ජේ.බී. හේරත් මහතා ද එක් ව සිටියහ.


RECOMMEND POSTS