රාජකාරි අරඹයි
විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස අභිනවයෙන් පත්වූ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ඊයේ (06) නිල වශයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රාජකාරි ආරම්භ කළේය.
එහිදී කාර්යාංශයේ නිළධාරී මණ්ඩලය විසින් නව අමාත්‍යතුමා පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබු අතර එහි දී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, විගමණික ප්‍රජාවගේ සුභසිද්ධිය වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන් කටයුතු කරන බවය. එසේම නව රැකියා අවස්ථාවන් සොයාගැනීම පිළිබඳවද තම අවධානය යොමු කරන බවයි.
මෙම අවස්ථාවට විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල, පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් හා කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී කේ.ඕ.ඩී.ඩී.ප්‍රනාන්දු මහතා ඇතුළු නිළධාරීන්ද එක්ව සිටියහ.
විනීතා එම් ගමගේ