යුරෝපා සංගමය විමසිල්ලෙන්



මෑතකදී කරන ලද අත්අඩංගුවට ගැනීම්වලදී ශ්‍රී ලංකාවේ බලධාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම සම්බන්ධයෙන් පළ වන වාර්තා ගැන විමසිල්ලෙන් පසුවන බව යුරෝපා සංගමය සඳහන් කරයි.

යුරෝපා සංගමයේ කොළඹ කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තිබුණ ද එය භාවිත නොකරන බව ට ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාවට දන්වා ඇති පසුබිමක මෙලෙස එම පනත භාවිත කර ඇතැයි ද අදාළ ට්විටර් පණිවුඩයේ දැක්වේ.


RECOMMEND POSTS