මොස්කව් හරහා නැවත මෙරටට



බෙලරුසයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ට රුසියාවේ මොස්කව් හරහා නැවත මෙරටට පැමිණීමට අවස්ථාව සලසා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

බෙලරුසයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නොමැති අතර රුසියාවේ මොස්කව් නුවර පිහිටි තානාපති කාර්යාලය අදාළ වගකීම් දරයි.

මේ අනුව තාවකාලිකව මෙරටට පැමිණීමට කැමැති සිසුන්ට මොස්කව් හරහා ගමන් කිරීම සඳහා හදිසි පදනමක් මත සංක්‍රමණ වීසා නිකුත් කිරීමට සලසා ඇත.

ශ්‍රී ලාංකික සිසුන් 1,561 දෙනකු පමණ උසස් අධ්‍යාපනය ලබන අතර බෙලරුසයේ පිහිටි සියලුම විශ්වවිද්‍යාල සමඟ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමීප සම්බන්ධතා පවත්වන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අදාළව විශ්වවිද්‍යාලවල පරිපාලන අංශ, ශිෂ්‍ය සංගම් නියෝජිතයන් සහ දෙමාපිය කණ්ඩායම් සමඟ සාකච්ඡා කිහිපයකදී එකඟ වූ පරිදි මෙම තීරණ ගෙන තිබේ.

මේ අනුව තාවකාලිකව ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බෙලරුසියේ සිටින සියලුම ශ්‍රී ලාංකික සිසුන්ට රුසියාවේ මොස්කව් නුවර හරහා ගමන් කරන ලෙස කාරුණිකව උපදෙස් දෙන අතර වැඩිදුර තොරතුරු සඳහා පහතන සඳහන් දුරකතන අංකය හා විද්‍යුත් ලිපිනය (ඊමේල්) ඔස්සේ මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වන්නැයි ද විදේශ අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

(හර්ෂණ තුෂාර සිල්වා)


RECOMMEND POSTS