මුදල් ඇමැති බැසිල් ඉන්දියාවට යන්න සූදානම්



මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ මස දෙවැනි භාගයේ දී ඉන්දියාවේ සංචාරයක නිරත වනු ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර දුරකතන සාකච්ඡාවක් පවත්වා ඇත.

එම දුරකතන සංවාදයෙන් පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කර ඇත.

හැකි සෑම ආකාරයකින්ම ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව සූදානම් යැයි ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙහිදි සහතික වී ඇත.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වේ.

“සුළු මොහොතකට පෙර විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඵලදායි සහ සුහද දුරකථන සාකච්ඡාවක නිරත වූහ. ඉන්දියාව තවදුරටත් හැකි සෑම අයුරින්ම ශ්‍රී ලංකාවට සහය ලබා දෙන බවට විදේශ අමාත්‍යවරයා සහතික විය.

අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය සඳහා මෙම මස දෙවන භාගයේදී දෙපාර්ශවයටම පහසු දිනයක් යොදා ගැනීමට මෙහිදී එකඟ විය.”

(රොයිටර්)


RECOMMEND POSTS