මැදපෙරදිග සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් !
මේ වසරේ ජනවාරි සිට මාර්තු දක්වා ගතවූ මාස තුන තුළඳී මැදපෙරදිග රටවල් වලින් සංචාරකයින් 22,542 දෙනෙකු මෙරට සංචාරය සඳහා පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කරයි.
එය ඉකුත් 2016 වසර සැසඳීමේදී සියයට 10.2 ක අඩුවීමක් යැයි එම අධිකාරිය කියා සිටී.එම වසරේ මුල් මාස තුන තුළඳී සංචාරකයින් 25,099 දෙනෙකු පැමිණ ඇත.
මේ වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ මැදපෙරදිගින් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ සෞදි අරාබියෙනි.ඒ සංචාරකයින් 6585 කි.මීට අමතරව ඊශ්‍රායලයෙන් සංචාරකයින් 2906 ක්ද ,ඕමානයෙන් සංචාරකයින් 2383ක්ද ,එක්සත් අරාබි එමීර් රාජ්‍යෙයන් සංචාරකයින් 1179 ක්ද ,කුවේටයේ සංචාරකයින් 1261ක්ද ,බහරේනය ,ජොර්දානය ඇතුළු අනෙක් මැද පෙරදිග රටවල් වලින් සංචාරකයින් 8228 ක්ද මෙරටට පැමිණ ඇත
තවද පසුගිය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව සියයට 2.5 කින් අඩුවී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කරයි.
ඉකුත් මාසයේ විදෙස් සංචාරකයින් 188,076 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්ත සටහනකින් වාර්තා වේ. මෙය ඉකුත් වසරේ මාර්තු මාසයේ දී මෙරටට පැමිණ තිබෙන මුළු සංචාරක සංඛ්‍යාව වූ 192,841 හා සැසඳීමේ දී සියයට 2.5 ක පහළ යාමක් බව එම අධිකාරිය පවසයි.
මාර්තු මාසයේ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රටවල් ලෙසින් පිළිවෙලින් ඉන්දියාව 84,568 ක්, චීනය 79,222 ක්, එක්සත් රාජධානිය 59,137 ක්, ජර්මනිය 42,390 ක් හා ප්‍රංශය 36,057 ක් ලෙසින් වාර්තා වේ.
මේ අතර ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා ගතවූ මාස තුනේදී සංචාරකයින් හයලක්ෂ හාරදහස් නවසිය පනස් තුන් දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය පසුගිය වසරේ මුල් මාස තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේදී එය සියයට 3.4 සුළු වර්ධනයක් යැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය කියා සිටී.2016 වසරේ මුල් මාස තුනේදී විදෙස් සංචාරකයින් පන්ලක්ෂ අසූ හතර දහස් අටසිය දහ අටදෙනෙකු පැමිණ ඇත.
පසුගිය ජනවාරි මාසයේ දී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව සියයට 12.9 ක වාර්තාගත වර්ධනයක් වාර්තා වුවත්, පෙබරවාරි මාසයේ දී එය සියයට 0.1 කින් පහළ ගොස් තිබිණි.
ජනවාරි මාසය ආරම්භයේ සිට මෙරට ප්‍රධානතම ගුවන්තොටුපළ වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ධාවන පථය නවීකරණය කිරීම සඳහා ගුවන්ගමන් කටයුතු සීමා කිරීමට සිදුවීම, මෙලෙස සංචාරක පැමිණීම පහළ යාමට ප්‍රධානතම හේතුවී ඇති බව සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙකු පැවසීය.
( තිළිණි ද සිල්වා )