මැදපෙරදිග රටවල තානාපතිවරු ජනපති හමුවෙති
මැද පෙරදිග තානාපතිවරුන්ගේ සංසදය නියෝජනය කරන රටවල තානාපතිවරු ජනාධිපති කාර්යාලයට අද (09) පෙරවරුවේ පැමිණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡාවක නිරත වූහ.
නව රජයට සැමවිටම මැද පෙරදිග රටවල සහයෝගය ලැබෙන බවත්, ඉදිරියේදී ශ්රී ලංකාවට ආර්ථික මෙන්ම සංස්කෘතික කටයුතු සඳහා ද සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවත් මෙම හමුවේදී තානාපතිවරු පැවසූහ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය සුභාශීංසන පළ කළ තානාපතිවරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්රී ලංකාව සහ තම රටවල් අතර සබඳතා සෑම අතින්ම ශක්තිමත් කර ගැනීමට කැපවන බවට ද සහතික වූහ.
පලස්තීනය, ඊජිප්තුව, කුවේට්, ඕමාන්, ඉරාකය ලිබියාව හා කටාර් යන රටවල්වල් නියෝජනය කරමින් ශ්රී ලංකාවේ සිටින තානාපතිවරු මෙම හමුවට එක් වූහ.
ඩයනා උදයංගනී