මැද පෙරදිග අතරමංවූ 2481ක් මාස 11දී ලංකාවට ගෙන්වලා
විවිධ හේතුන් මත මැදපෙරදිග රටවල අතරමංව සිටි ශ්‍රී ලාංකිකයන් 2481 දෙනෙකේ ඉකුත් ජනවාරි සිට මේ දක්වා වූ මාස 11 කට ආසන්න කාලය තුළ මෙරටට ගෙන්වා ගත් බව විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය ලංකාදීපයට පැවැසුවාය.
මෙයින් වැඩිම පිරිස ගෙන්වා ගෙන ඇත්තේ කුවේට් දේශයේ සිටය. ඒ 1604 දෙනෙකි. මේ පිරිස අතර එරට තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රැඳි සිටි 1127 දෙනෙක් ද නීති විරෝධීව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැඳී සිටි 321 දෙනෙක් ද, පොලිසිය භාරයේ සිටි 156 දෙනෙක් ද වෙති.
මෙම පිරිස අතර සවුදියේ සිට 612 දෙනෙක් ද ඕමානයේ සිට 156 දෙනෙක් ද අනෙක් රටවල්වල සිට 156 දෙනෙක් ද වන බව අමාත්‍යවරිය තව දුරටත් පැවැසුවාය.
(විනීතා.එම්.ගමගේ)