මාස තුනක පොදු සමාකාලයක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලබන මස පළමුවැනිදා සිට මාස තුනක පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කොට ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
පොදු සමා කාලය ඔක්තෝබර් පළමුවැනිදායින් අවසන් වේ.
මෙම පොදු සමා කාලය තුළ එරට නීති විරෝධීව රැඳී සිටින්නන්ට නීත්‍යානුකූල ලෙස රැඳී සටීම සඳහා පසුබිම සකසා ගන්නටත් මව් බිමට පැමිණීමට බලාපොරොත්තු වන්නන්ට නාමික ගාස්තුවක් පමණක් ගෙවා ආපසු පැමිණෙන්නටත් අවස්ථාව සැලසෙනු ඇත.
වීසා නීති උල්ගංඝණය කර එහ රැඳී සිටින්නන්ට දඩ මුදලකින තොරව නීත්‍යානුකූල ලෙස රටින් පිටවීමට අවස්ථාව සැළසේ.
මේ වනවිටත් වලංගු ගමන බලපතක් ඇත්නම් අදාළ එමීර් බලධාරීන් වෙත යොමු වීමෙන් අවශ්‍ය සහන සැලසෙනු ඇත.
ගමන් බලපත අස්ථාන ගතවී හෝ නැතිවී ඇත්නම් පොලිසිය නෙත පැමිණිලි කරන්නැයි කාර්යංශය එහි නීත්‍යානුකූල නොවන අන්දමින් රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම ගමන් බලපත කල් ඉකුත් වී ඇත්නම් ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය වෙත යාමෙන් එය අලුත් කර ගත හැක.
මෙම පොදු සමා කාලය ප්‍රයෝජනයට ගන්නා ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ වෙනම කවුලුවක් විවෘතව පවතින අතර එහි ගොස් වැඩි විස්තර දැනගත හැක.
මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන එරට නීත්‍යානුකූලව රැඳී සිටීමට හෝ රටන් පිටවීමට කටයුතු කරන්නැයි එරට නීත්‍යානුකූල නොවන අන්දමින් රැඳී සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඉල්ලීමක් කරයි.
විනීතා එම් ගමගේ