මාර්ගගත ක්‍රමයට විදෙස් ගමන් බලපත්‍ර



මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙල ඊයේ (15) සිට ආරම්භ කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක වැඩසටහන හෝමාගම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දී ඊයේ (15) පස්වරුවේ පැවැත්විණි.

මහජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

නව වැඩපිළිවෙල යටතේ අයදුම් කර දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවක් හරහා නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතී.

කෙසේ වෙතත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින සේවාව ද සාමාන්‍ය පරිදි තව දුරටත් ක්‍රියාත්මක වන බව ටිරාන් අලස් අමාත්‍යවරයා පැහැදිලි කර තිබේ.


RECOMMEND POSTS