බිම්ස්ටෙක් සමුළුව ඇරඹේ



බිම්ස්ටෙක් හෙවත් බහුආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳව වන බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ පස්වන රාජ්‍ය නායක සමුළුව අද කොළඹදී ආරම්භ විය.

ශ්‍රී ලංකාව සභාපතිත්වය දරණ මෙවර සමුළුවේ මුලසුන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හොබවයි.

සමුළුව බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ තායිලන්තය යන රටවල නායකයින්ගේ අතත්‍ය සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර, මියන්මාරය නියෝජනය කරමින් එම රටවල විදේශ අමාත්‍යවරු සමුළුව සඳහා සහභාගි වෙති.

පෙරේදා (28) බිම්ස්ටෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම කොළඹ දී පැවති අතර, ඊයේ (29) විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව පැවැත්විණි.

විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජායිශංකර් ඇතුලු බිම්ස්ටෙක් රටවල විදේශ අමාත්‍යවරුන් එක්ව සිටියේය.

එහිදී ගනු ලැබූ තීරණ අද (30) පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවැසෙයි.


RECOMMEND POSTS