පුෂ්පිකාට සිවුවැනි ස්ථානය



ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ පැවැත්වූ ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ දී, ලෝකයේ රටවල් රැසක රූ රැජිණියන් අතරින් අවසන් හයදෙනාගේ වටය තෙක් ඉදිරියට පැමිණ, "සිවුවැනි ස්ථානය" ලබාගන්නට ශ්‍රී ලංකාව නියෝජනය කළ පුෂ්පිකා ද සිල්වා සමත් වූවාය.

2013 වර්ෂයේ ලොව හොඳම නිරූපන ශිල්පිනිය බවට පත් වන පුෂ්පිකා ජාත්‍යන්තරයම කතාබහට ලක් වූයේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස කිරුළු පැළැඳීමත් සමගය. එදා ඇගේ කිරුළ ප්‍රසිද්ධියේ ගැලවූයේ රූ රැජිණ කිරුළ ලංකාවට ගෙන එමින්, විශාල කීර්තියක් අත්කර දුන්නූ කැරොලයින් ජූරි වීම විශේෂත්වයකි.

ඉන්පසු සමාජ මාධ්‍ය තුළ, ජාත්‍යනත්රයෙත් දැඩි කතාබහට ලක් වුණු මේ සිදුවීම නිසා, “කිරුළ අත්හරින්නට” තීරණය කළ කැරොලයින් ජූරි වීඩියෝවක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුම හරහා ප්‍රසිද්ධ කළාය. ගැලවූ කිරුළ නැවත හිමිවූ පුෂ්පිකා සමාජ මාධ්‍යයේ ජනප්‍රියම තාරකාව බවට පසු කලෙක පත්වූවාය.

කෙසේ වෙතත්, ඇගේ කිරුළට බොහෝ දෙනෙක් විරෝධය පළ කළ බව රහසක් නෙවෙයි. ක්ෂේත්‍රයේ පවා කසුකුසුවක් ඇති වූයේ “කැරොලයින් කළ දේ හරි” යැයි කියමිනි. තවත් පිරිසක් “පුෂ්පිකාට අසාධාරණයක් වුණා” යැයි පෙන්වා දෙමින් ඇයට සහාය දක්වන්න විය.

කෙසේ නමුත් අද දවසේ පුෂ්පිකා ද සිල්වා ලැබූ ජයග්‍රහණය ගැන බොහෝ දෙනෙක් සමාජ මාධ්‍යයට සටහන් එක් කර තිබූ අතර, පිරිසක් ඇය හා කැරොලයින් සංසන්දනය කරමින් ඡායාරූප පවා එක් කර තිබුණි.


RECOMMEND POSTS