පිටරටින් බිත්තර ගේනවා



බිත්තර මිල අඛණ්ඩව ඉහළ යෑම පාලනයට ඉන්දියාවෙන් හෝ පාකිස්තානයෙන් බිත්තර ආනයනය කළ යුතු බවත් එසේ නොවුනහොත් පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.

රටේ බිත්තර ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් නොමැති යැයි කී ජයවර්ධන මහතා ඉන්දියාවෙන් හෝ පාකිස්තානයෙන් බිත්තර ආනයනය කළහොත් බිත්තරයක් රුපියල් 30 ත් 32 ත් අතර මිලකට අලෙවි කළ හැකි බවද සඳහන් කරයි.

බිත්තරයක මිල මේ වෙන විට රුපියල් 70 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මෙම කලු කඩ මිල පාලනය කිරීම සඳහා හැකි ඉක්මනින් පියවර ගත යුතු බවත් ජයවර්ධන මහතා වැඩිදුරටත් පැහැදිලි කරයි.

(යොහාන් භාසුර)


RECOMMEND POSTS