පැය 24 පුරා විමසිල්ලෙන්
රටේ ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් විදේශීය බුද්ධි සේවා දෙන තොරතුරු සම්බන්ධයෙන් පැය 24 පුරා විමසිල්ලෙන් සිටීමට වෙනම බුද්ධි අංශ කණ්ඩායම් තුනක් පත් කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රජයේ ප්‍රධානීන්ගේ උපදෙස් මත මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.
විදේශයන්ගෙන් ලැබෙන බුද්ධි අංශ වාර්තා ඉතා ඉක්මනින්ම විශ්ලේෂණය කරමින් එම තොරතුරු අදාළ අංශවලට කඩිනමින් යොමු කිරීම සහ එම වාර්තා අනුව අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගැනීම මෙම කණ්ඩායම් වලට පැවරෙන වගකීම වේ.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විදේශීය බුද්ධි සේවා ලබා දුන් වාර්තා නිසි පරිදි අධ්‍යනය නොකෙරුණු බවට පසුගිය කාලයේදී චෝදනා එල්ල විය. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ ප්‍රධානීන් මෙම නව යාන්ත්‍රණය සඳහා උපදෙස් දී ඇති බව දැනගන්නට ඇත.
සංචාරක කලාපවල ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් පිළිබඳවද ඉන්දීය බුද්ධි සේවා පසුගියදාකරුණු අනාවරණය කළේය. එම කරුණු අනාවරණය වීමෙන් පසු රජයේ ආරක්ෂක අංශ එම සංචාරක කලාපවල ආරක්ෂක විධි විධාන දැඩි කිරීමට පියවර ගත්තේය.
එම ප්‍රහාරක සැලසුම සම්බන්ධයෙන් දැනට තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ඊට සම්බන්ධ සෙසු පිරිස් අත්අඩංගුවට ගැනීමටද ආරක්ෂක බුද්ධි අංශ විශේෂ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබ ඇත.
මේ අතර මෙරට සංචාරක කලාපවල ඊශ්‍රායල් ජාතිකයන් ඉලක්ක කර සිදු කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාරක මෙහෙයුම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීමටද බුද්ධි අංශ නිලධාරීහු කණ්ඩායම් මේ දිනවල ක්‍රියාත්මක වී සිටිති.
මේ අතර රටේ සංචාරක කලාපවලට ආරක්ෂාව සැපයීම දිගටම සිදු කිරීමට රජය තීරණය කර ඇත.