ප්‍රියන්ත කුමාර බේරන්න හැදූ පාකිස්ථානුවාට සම්මානයක්



පකිස්ථානයේ සියල්කොට්හිදී වද හිංසනයට ලක් කර අමානුෂික ලෙස ඝාතනය කළ ශ්‍රී ලාංකික ප්‍රියන්ත කුමාර මහාතාට පහර දෙන අවස්ථාවේ ඔහුව ආරක්ෂා කිරීමට උපරිම උස්සහ ගත් පාකිස්ථානු ජාතික මලික් අද්නාන් නමැති පුද්ගලයාට පාකිස්ථානයේ නිර්භීත කම සඳහා වන දෙවන ඉහළම සිවිල් සම්මානය ලබා දෙන බව පාකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සඳහන් කර සිටී.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පකිස්ථාන අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

ප්‍රියන්ත කුමාර මිලේච්ඡ ලෙස ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ අපරාධකරුවන්ට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බවට පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉකුත් 05 වැනිදා  සහතික වී තිබුණි.

මේ අතර පකිස්ථානයේ සියල්කෝටි හීදි ප්‍රචණ්ඩකාරී මැර පිරිසක් විසින් එරට ක්‍රීඩා නිෂ්පදන කර්මාන්තශාලා සාමාන්‍යධිකාරිවරයා වූ ප්‍රියන්ත කුමාර මහතාගේ අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය පර්වයිස් ඛට්ටක් විසින් සාධාරණීය කර ඇත.

තරුණ ළමයින් කරන එවැනි දේවල් නරක යැයි පැවසිය නොහැකි බව ද පකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටී.

ආරක්ෂක අමාත්‍යරයා මේ බව සදහන් කර ඇත්තේ එරට පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යව්දියෙකු මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි යැයි පකිස්ථාන් ඩේලි පුවත් වෙබ් අඩවියේ සංස්කාරවරයා ව්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර සිටී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS