ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුවක් ඉල්ලයි



සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී සහ ක්‍රමවත් හුවමාරුවක්/සංක්‍රාන්තියක් වෙනුවෙන් අවධානය යොමු කරන්නැයි ද සහයෝගීව කටයුතු කරන්නැයි ද යුරෝපා සංගමය ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය ඒ බව නිවේදනය කර ඇත.

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව ද එහි දැක්වේ.

වත්මන් අර්බුදයට විසඳුම් සෙවීමත් සාමාන්‍ය තත්ත්වයට නැවත පැමිණීමටත් සියලු පක්ෂ නායකයන්ගේ වගකීමක් බව ද එම සංගමය කියයි.

ශ්‍රී ලංකාවේ ජනතාවට සහාය දීම සඳහා තිබෙන විකල්පා මොනවාදැයි යුරෝපා සංගමය මේ වනවිට සොයා බලමින් සිටින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. 


RECOMMEND POSTS