පළමු කාන්තා පැරිෂුට් කණ්ඩායම



සාර්ථකව පුහුණුව අවසන් කළ නාවික හමුදා ඉතිහාසයේ පළමු කාන්තා පැරිෂුට් කණ්ඩායම ඉකුත් දා විසිර ගියහ.

අම්පාර ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේ දි පුහුණුවල ලද එම කණ්ඩායමට නාවික හමුදා කාන්තා නිලධාරීහු දෙදෙනෙක් සහ කාන්තා නාවිකයන් තිදෙනකු ඇතුළත් වූහ.

ආරක්‍ෂක සේවා නිදහස් ආර පැරෂුට් තරඟාවලිය සඳහා නාවික හමුදා කාන්තා පැරෂුට් කණ්ඩායමක් සහභාගී කරවීමේ ද අරමුණින්, මෙලෙස පළමු නාවික හමුදා කාන්තා පැරෂුට් කණ්ඩායම මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව සඳහා අනුයුක්ත කෙරුණේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ සංකල්පයකට අනුවය.

ඒ සඳහා පැවැත්වූ විශේෂ ශාරීරික හා මානසික යෝග්‍යතා පරීක්‍ෂණයකින් සුදුසුකම් ලැබූ,ලුතිනන් ඉරේෂා මධුෂාණී හා ලුතිනන් ප්‍රසාදී නදීෂානී යන කාන්තා නිලධාරීන් දෙදෙනා ද බලකාන්තා ශාරීරික අභ්‍යාසක අයේෂා විජයරත්න, සාමාන්‍ය කාන්තා නැවි මහීෂා රණසිංහ සහ සාමාන්‍ය කාන්තා නැවි කෞෂි තිසේරා යන කාන්තා නාවිකයන් තිදෙනා අම්පාර ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේදී පැවැත්වූ මූලික පැරෂූට් පාඨමාලාව ඉතා සාර්ථකව සම්පූර්ණ කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් AN 32 ගුවන් යානයකින් අඩි 800 ත් - 1000 ත් අතර ඉහළ ගුවනේ සිට අම්පාර ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පතිත කලාපය වෙත එක් රාත්‍රී පැනුම් වාරයක් සහ අවි හා උපකරණ සහිත උපක්‍රමශීලී පැරෂුට් පැනීමක් ද සමඟින් පැනුම් වාර පහක් (05) සාර්ථකව සිදුකෙරිණි.


RECOMMEND POSTS