නිවෙස් කරා ආපසු යාමට පහසුකම්
කොරොනා වෛරස් වසංගතය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කඩිනමින් ක්‍රියාත්මක වන වන පරිදි ශ්‍රීලංකන් ගුවන් සේවය දැනට චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ට තම නිවෙස් කරා ආපසු යාමට පහසුකම් සැලසීමට පියවර ගෙන ඇත.
ඒ අනුව චීනයේ බීජිං සහ කැන්ටන් සිට ගුවන්ගමන් නියමිත කාලසටහනට අනුව සිදුකරන අතර නැවත ශ්‍රී ලංකාව බලා යාමට අවශ්‍ය සිසුන්ට ජාතික ගුවන් සේවය වහාම සියයට 50 ක වට්ටමක් ලබා දීමට පියවර ගෙන ඇත.
මීට අමතරව, දැනට චීනයේ සිටින සිසුන් සඳහා විශේෂ ගුවන් ගමනක් ක්‍රියාත්මක කිරීමටද ශ්‍රීලංකන් ගුවන් සේවය සැලසුම් කරයි. මේ සම්බන්ධයෙන් චීනයේ සහ ශ්‍රී ලංකාවේ අදාළ බලධාරීන් සමඟ සිවිල් ගුවන් සේවා හා සෞඛ්‍ය බලධාරීන් සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.
සති කිහිපයකට පෙර චීනයෙන් ආරම්භ වූ කොරෝනා වයිරසය ආසියාවේ, යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ රටවල් කිහිපයකට දක්වා ව්‍යාප්ත වී ඇති අතර 4000 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 106 කට අධික සංඛ්‍යාවක් මිය ගියහ.
පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේද කොරෝනා ආසාදිත බවට සැක පුද්ගලයින් සිව් දෙනෙකු වාර්තා වූ අතර ඉන් එක් අයෙකු කොරෝනා ආසාදිතයකු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළේය.
( තිළිණි ද සිල්වා )

