නවසීලන්තයේ දී ලාංකිකයෙක් මරුට



නවසීලන්තයේ අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු මිය ගොස් ඇතැයි වදෙස් පුවත් වාර්තා කරයි.

නවසීලන්තයේ අංක 1 අධිවේගී මාර්ගයේ 4 වැනි කිලෝ මීටර් කණුව අසල දී සිදු වූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ගාමිණි විතානගේ නමැති අයෙකි. ඔහු එරට රියැදුරෙකු ලෙස සේවය කරන්නෙකි.

මොහු පැදවූ වාහනයේ හැපුණු අනෙක් වාහනයේ රියැදුරු ද බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි එරට පොලසි වාර්තා උපුටා දක්වමින් විදෙස් පුවත් තව දුරටත් සඳහන් කරයි.

විනීතා එම්. ගමගේ

 


RECOMMEND POSTS