නව ක්‍රමයට කොරියානු විභාගය ඔක්තෝබර් මුලදී
( විනීතා එම් ගමගේ)
ඇගයුම් මත ලකුණු දීමේ ක්‍රමවේදය ( EPS - TOPIK system) යටතේ පැවැත්වෙන පළමු කොරියානු භාෂා ප්රවීනතා විභාගය ඔක්තෝම්බර් මස 1 හා 2 යන දෙදින කොළඹ මධ්‍යස්ථාන හතරකදී පැවැත්වීමට නියමිතය. ඉසිපතන විද්‍යාලය, අශෝක විද්‍යාලය, රාජකීය විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය එම මධ්‍යස්ථාන හතර වේ. අයදුම්කරුවන්ට තම විභාග මධ්‍යස්ථානය අඅඅගිකඉfැගකන යන වෙබ් අඩවිය මඟින් දැනගත හැකි යැයි ශ්‍රී ලංකා විිදේශ සේවා නියක්ති කාර්යංශය පවසයි.
ඇගයුම් මත ලකුණු දීමේ විභාගය සඳහා ලිඛිත, කුසලතා හා නිපුණතා යන ක්ෂේත්‍ර තුන ඇතුළත් වේ. මෙම විභාගය සඳහා 22,353 දෙදෙනෙකු අයදුම්කර ඇති අතර, මීට පෙර පවත්වන ලද ධීවර ක්ෂේත්රයේ විභාගය සඳහා අපේක්ෂකයින් 3776 දෙනෙකු පෙනී සිට ඇත. ඇගයුම් මත ලකුණු දීමේ විභාගය හා ධීවර ක්ෂේත්රයේ විභාගය යන විභාග දෙකෙහි ප්‍රතිඵල මේ වසරේ දෙසැම්බර් මස 7 වෙනි දින නිකුත් කිරීමට නියමිතය.
විභාග අපේක්ෂකයින් මෙම විභාගයට මුහුණ දීම සඳහා විභාග අයදුම්පත්‍රය සමඟ ගමන් බලපත්‍රය අනිවාර්යෙන් රැගෙන ආ යුතුය. විභාගයේ පළමු සැසිය පෙරවරු 10.00ට ආරම්භ වන අතර, දෙවන සැසිය පස්වරු 2.00ට ආරම්භ වේ.
කොරියාවේ රැකී රක්ෂා හා කම්කරු අමාත්‍යංශයත්, ශ්‍රී ලංකාවේ විදේශ රැකියා අමාත්‍යංශයත් අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව ඇගයුම් ලකුණු මඟින් ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා වන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. මෙම ක්‍රමවේදය මඟින් භාෂා හැකියාව පමණක් නොව වැඩ අත්දැකීම් හා කුසලතා සඳහාද ලකුණු හිමිවේ. මෙම ක්‍රමවේදය මඟින් කොරියානු භාෂාවට අඩු ලකුණු ගන්නා එහෙත් රැකියාව තුළ දක්ෂ සාධන මට්ටම් සහිත අය සඳහා වැඩි අවස්ථාවක් හිමිවේ. මෙවර විභාගය නිශ්පාදන අංශය සඳහා පමණක් පැවැත්වේ.