නව අගමැති සමග වැඩ කරන්න සූදානම්



නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉදිරියට වැඩ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉක්මන් පත්වීම, සහ සියලු පාර්ශවවල සහභාගීත්වය ඇති ආණ්ඩුවක් පත් කිරීම ස්ථාවරත්වය ප්‍රවර්ධනයටත් අර්බුදය විසඳුම් සෙවීමටත් ගන්නා පළමු පියවර යැයි ද ඇය කියයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාවලදී අර්ථාන්විත ප්‍රගතියක් අත්පත් කරගන්නැයි ද සියලු ශ්‍රී ලාංකිකයන්ගේ වුවමනා සැපිරෙන පරිදි දීර්ඝ කාලීන විසඳුම් ගන්නැයි ද අවධාරණය කරන බව ද ඇය තවදුරටත් සඳහන් කරයි. 


RECOMMEND POSTS