ධීවරයන් පිරිසක් මියන්මාර අත්අඩංගුවේ



ශ්‍රී ලාංකික තරුණ තරුණියන්, මියන්මාරයේ, මිනිස් ජාවාරමේ ගොදුරු බවට පත් වී සිටිද්දී, ශ්‍රී ලාංකික ධීවරයින් 15 දෙනකු ද මියන්මාර ආරක්ෂක අංශ අත්අඩංගුවේ පසුවන බව වාර්තා වේ.

කල්පිටිය සහ මීගමුව ප්‍රදේශවලින් මුහුදු ගිය ධීවරයන් පිරිසක් නීති විරෝධීව එරට මුහුදු සීමා උල්ලංඝනය කිරීමේ චෝදනා මත එලෙස අත්අඩංගුවට ගනු ලැබ සිටින බව පැවැසෙයි.

මෙම ඛේදවාචකයට මුහුණ දී ඇත්තේ "රයන් පුතා" සහ "ක්ලෝරස්" යන බහුදින යාත්‍රා දෙකෙන් මුහුදු ගිය ධීවරයන් යැයි ද පැවැසෙයි.

මේ සම්බන්ධයෙන් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පැහැදිලි කර ඇත්තේ, මියන්මාර හමුදා රජය මේ වන විට ඔවුන්ට නඩු පවරා ඇති බවය. ගතවූ වසර කිහිපය පුරා ශ්‍රී ලාංකික ධීවරයින් රැසක් මියන්මාර මුහුදු සීමාව උල්ලංඝනය කිරීම නිසා එරට අත්අඩංගුවට පත්ව ඇති බවද ශ්‍රී ලංකා තානාපතිවරයා පෙන්වා දුන්නේය.


RECOMMEND POSTS