දූත පිරිස රැදී සිටින කාලය වැඩි කරයි



ශ්‍රී ලංකාවේ සංචාරය කරන ජාත්‍යන්තර දූත පිරිස ඔවුන් මෙරට සිටින කාලය තවත් දිනකින් වැඩි කිරීමට පියවර ගෙන ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා පත් කර සිටින ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ ශ්‍රී ලංකා දූත පිරිසේ ප්‍රධානී මසාහිරෝ නොසාකි ප්‍රකාශයක් කරමින් ඒ බව සඳහන් කළහ.

ශ්‍රී ලංකාවේ දූත මෙහෙයුම දිනකින් දීර්ඝ කරන බවත් දූත මෙහෙයුම අවසන් කර අද (සැප්තැම්බර් 1 වැනිදා) මාධ්‍ය හමුවක් පවත්වන බවත් ඔවුහු ප්‍රකාශ කළහ.

හදිසි ණයක් ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මූලික එකඟතාවක් ඇති කරගෙන ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය ඊයේ (31) පෙරවරුවේ වාර්තා කර තිබිණි.

(රොයිටර්)


RECOMMEND POSTS