දලයි ලාමා සුවිශේෂී පුද්ගලයෙක්



දලයි ලාමා හිමියන් සිය රටේ පමණක් නොව සමස්ත ලෝකයේ ම ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස වෙනුවෙන් කටයුතු කරන සුවිශේෂී පුද්ගලයකු යැයි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලේනගල සිරිනිවාස හිමියෝ කීහ.

දලයි ලාමා හිමියන් ලොව සිටින බොහෝ දෙනා අගය කරන ආධ්‍යාත්මික නායකයෙකි යැයි කී සිරිනිවාස හිමියෝ ලෝකය තුළ ධනාත්මක වෙනසක් දැකීමට බලාපොරොත්තු වන ඕනෑම අයකුට දලයි ලාමි හිමියන් පූර්වාදර්ශි චරිතයක් යැයි ද පැවැසූහ.

දලයා ලාමා හිමියන්ගේ 87 වැනි උපන්දිනය ජූලි 6 වැනිදාට යෙදී තිබූ අතර ඒ වෙනුවෙන් ඩේලිමිරර් පුවත්පතට අදහස් දක්වමින් සිරිනිවාස හිමියෝ ඒ බව ප්‍රකාශ කළහ.

ටිබෙටයේ ජීවත් වන බෞද්ධයන් මිලියන හතකට වැඩි පිරිසකගේ ආධ්‍යාත්මික නායකයාගේ භූමිකාව අත්හළ දලයා ලාමා හිමියන් චීනයේ ආක්‍රමණශීලි ප්‍රතිපත්තිය නිසා අවුරුදු 60කට වැඩි කාලයක් විප්‍රවාසීව ජීවත් විය.

දලයි ලාමා හිමියන් අද්වීතිය චරිත ලක්ෂණවලින් හෙබි යැයි ද එමෙන්ම පෘථිවිය මත දිව්‍යමය පැවැත්මක් ද ඇතැයි කී සිරිනිවාස හිමියෝ දලයි ලාමි හිමියන් කිසිවිටකත් උන්වහන්සේගේ ශාන්තභාවයෙන් මිදෙන්නේ නැති බවත් කීහ. හාස්‍යය ද ඇති දලයි ලාමා හිමියන් පරහිතමකාමී ව සොබාදහම වෙතත් ගෝලීය සහ ජාතික අරමුණු වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙස වී කටයුතු කර ඇතැයි ද සිරිනිවාස හිමියෝ පැවැසූහ.

(ඒ.එන්.අයි)


RECOMMEND POSTS