දඹදිව යන අයට සෞඛ්‍ය උපදෙස්



හැකි සෑම අවස්ථාවකම මුව ආවරණ  පළඳින ලෙස  වසංගත රෝග විද්‍යා ආයතනයේ විශේෂඥ වෛද්‍ය  චින්තන පෙරේරා ඉන්දියාවේ දඹදිව ඇතුළු විදේශ සංචාරවල යෙදෙන ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

විදේශ සංචාරවලදී අසනීප තත්වයක් ඇති වුවහොත් වහා වෛද්‍ය උපදෙස් ගැනීම වැදගත් බවද ඔහු සඳහන් කළේය.

මේ අතර රටේ කොව්ඩ්  තත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල මහතා පවසන්නේ රට පුරා විවිධ ප්‍රදේශවලින් ජෛව පටල නියැදි ලබාගෙන ඒවා පරීක්ෂා කරගෙන යන බවයි.

නව  වයිරස ප්‍රභේදයේ පැතිරීම ගැන ඒ අනුව ඉදිරියේදී දැනගත හැකි වනු ඇතැයිද  ඔහු සඳහන් කළේය.

එසේම කොව්ඩ්  පිළිබඳ ආවේක්ෂණ කටයුතු මට පුරා කරගෙන යන බවද ඔහු කීවේය.

කොව්ඩ්  දැන්  මතු වන්නේ සෙම්ප්‍රතික්ෂාව  වැනි  පොඩි අසනීපයක් විදියට බවත්  එවැනි අවස්ථාවලදී පරීක්ෂා කිරීමට අවශ්‍යතාවක් නැති බවත්  මුතුගල මහතා පැවසීය.

කොවිඩ් ජාන විශ්ලේෂණ  අවසාන  පරීක්ෂණයේදී නව ප්‍රභේදය තිබී හමුවී නැතැයිද  ඔහු පැහැදිලි කළේය.


RECOMMEND POSTS