ද. කොරියාවේ භූ කම්පනයෙන් ශ්‍රී ලාංකිකයනට හානියක් නෑ



 

 

(විනීතා එම් ගමගේ)

දකුණු කොරියාවේ දකුණු දිග ප්‍රදේශයට බලපෑ භූ චලනයෙන් එරට සේවය කරන ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට කිසිඳු හානියක් සිදුවී ඇති බවට මෙතෙක් වාර්තා වී නැතැයිල ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

රික්ටර් මාපකයේ 5.8 ක් සටහන් වූ එම භූ චලනය පෙරේදා (12) සවස සිදුවී ඇති අතර සිද්ධිය සැලවූ වහාම ඒ පිළිබඳව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විමසූ බවත් ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් නැතැයි තානාපති කාර්යාලය දැන්වූ බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ක්‍රීයාකාරී අධ්‍යක්ෂ නීතීඥ උපුල් දේශප්‍රිය මහතා ලංකාදීිපයට ඊයේ පැවැසීය.

ප්‍රධාන භූ කම්පනයෙන් අනතුරුව සිදුවන පසු කම්පන තත්වයන් පිළිබඳව දල අවධානයෙන් සිටින අතරල ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් පිලිබඳව නිරන්තරව තානාපති කාර්යාලය හරහා තොරතරු විමසන බවදල ඔහු සඳහන් කලේය.

දකුණු කොරියාවේ සෝල් අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තරව ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් ගැන කාර්යංශය වෙත වාර්තා කරන බව පවසන දේශප්‍රිය මහතා, ඥාතීන් පිලිබඳවල බිය නොවන ලෙස ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ පවුල් වලින් ඉල්ලා සිටියේය.

 දකුණු කොරියාවේ දකුණු දිග ප්‍රදේශයේ අග නගරයක් වන ජොන්ජු (ඨහැදබටසම) ප්‍රදේශයට ආසන්නයේ වූ පසු කම්පන වලින් ද බලපෑම් එල්ලවී ඇති බවට වාර්තා වේ. එහෙත් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට හානියක් සිදුවී නොමැත. ජොන්ජු  ප්‍රදේශයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 3000 ක් පමණ සේවය කරති. එසේම මේ වන විටල දකුණු කොරියාවේ විවිධ ප්‍රදේශ වල ශ්‍රී ලාංකිකයන් 26ල000ක් පමණ සේවය කරති.


RECOMMEND POSTS