තේරීම් කාරක සභාව විදේශ ශ්‍රමිකයන්ගේ විශ්‍රාම වැටුප ගැන තීරණයක් ගන්න
එතෙර අප සංවිධානයේ ලේකම් ලක්ෂ්මන් නිපුණආරච්චි ඉල්ලයි
(විනීතා එම් ගමගේ)
විදෙස් ගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් ලබා දීම සඳහා එතෙර අපි සංවිධානයේ සුනිල් හඳුනෙත්ති මහතාගේ යෝජනාව අනුව නම් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වහාම රැස්වී එම විශ්‍රාම වැටුප වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු යැයි එතෙර අපි සංවිධානයේ ලේකම් ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා පවසයි.
එම පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව නම් කොට සැලකිය යුතු කාලයක් ගතවී ඇතත් තවමත් එකම වතාවක් හෝ රැස් වී නැතැයි හෙතෙම තව දුරටත් කියයි.
“ඉදිරියේ එළඹීමට නියමිත අයවැය ඉලක්ක කරගනිමින් විදෙස්ගත ශ්‍රමිකයින් මුහුණ දෙන ගැටලුවලට අදාළ යෝජනා ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට එතෙර අපි සංවිධානය තීරණය කළ බවත් ඉකුත් වසරේදී තම යෝජනා තලතා අතුකෝරල අමාත්‍යවරියට භාරදුන් බවත් පැවැසූ නිපුන ආරච්චි මහතා එයින් කිසිදු යෝජනාවක් ක්‍රියාත්මක නොවූ බවත් සඳහන් කලේය.
තමන් ඉදිරිපත් කරන යෝජනා රටේ ජනතාව හමුවේ තබා ආණ්ඩුවට බලපෑම් කිරීමට එතෙර අපි සංවිධානය බලාපොරොත්තු වනබවද හෙතෙම කියා සිටියේය.
නිපුණ ආරච්චි මහතා මේ අදහස් පළ කලේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (08) පැවැති එතෙර අපි සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.