තානාපතිනි ජුලී චන්ග් අගමැති හමුවෙයි



මෙම අභියෝගාත්මක කාලයේ දී ඇමෙරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාවේ ජනතාවට සහාය දෙන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූයේ මෙරට ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කරන සාකච්ඡා ඇතුළුව රට ස්ථාවර කරමින් ආර්ථිකය නැවත ගොඩනැගීමට පියවර ගැනීමේදීත් නායකයන් නිසි ක්‍රියාවලීන් අනුගමනය කරමින් සහ අධිකරණයට, යුක්තියට සහ නීතියේ ආධිපත්‍යයට ප්‍රවේශ වීම තහවුරු කිරීම ඉතා වැදගත් යැයි ද තානාපතිනිය කියයි.

(රොයිටර්)


RECOMMEND POSTS