තානාපති කාර්යාලය නොමිලේ ඇමතුම්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නොමිලේ ඇමතිය හැකි දුරකතන අංකයක් තානාපති කාර්යාලය විසින් හඳුන්වා දී ඇත.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සහය ඇතිව මෙම දුරකතන අංකය හඳුන්වා දී ඇති අතර එය මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බව ද කාර්යංශය කියයි.
තානාපති කාර්යාලයෙන් යම් සේවාවක් ලබාගැනීමට බලාපොරොත්තු වන අයට 800119119 අංකයෙන් එම කාර්යාලය ඇමතිය හැකි අතර ඒ සඳහා කිසිදු මුදලක් වැය වන්නේ නැත.
විනීතා එම් ගමගේ

