තවත් භූ චලන ඇති විය හැකිය



ඉන්දියානු සාගරයේ ගැඹුරු මුහුදු කලාපයේ ඉදිරියේ දී තවත් භු කම්පන හට ගැනීමේ අවදානමක් ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැහැදිලි කර තිබේ.

ඉන්දියන් සාගර පතුලේ ඊයේ (29) අලුයම කාලයේ භූ කම්පන මාලාවක් හටගත් අතර, ඒවා රික්ටර් පරිමාණයේ ඒකක 4.8 ක්, 5.0 සහ 5.8 ක් ලෙස සටහන් විය.

කෙසේ වෙතත් මෙම කම්පන හරහා මෙරටට බලපෑමක් සිදු නොවන අතර, ඒ පිළිබඳ අනිසි බියක් ඇතිකර ගත යුතු නොවන බව ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා වැඩි දුරටත් අවධාරණය කර තිබේ.


RECOMMEND POSTS