ඩොලර් මිලියන 50 ක සහාය



ශ්‍රී ලංකාවේ හදිසි ආහාර සහ සෞඛ්‍ය සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක නිල සංවර්ධන සහාය ලබාදීමට ඔස්ට්‍රේලියාව තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ මිලියන තුනක ජනතාවක් ආවරණය වන පරිදි හදිසි ආහාර අවශ්‍යතා සඳහා ලෝක ආහාර වැඩසටහනට ඇමෙරිකානු ඩොලර් මිලියන 22ක් මෙමඟින් සැපයේ. එය අදාළ ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සැපිරීම සඳහා යොදා ගැනේ.

අදාළ සම්පූර්ණ මුදලෙන් ඇමෙරිකානු ඩොලර් මලියන 23ක් 2022-23 කාලයේ සංවර්ධන සහාය සඳහා ලබා දේ.

මෙම මුදල්වලින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා, ආර්ථිකය යථා තත්ත්වයට පත් කරගැනීම කෙරෙහි යොමු කෙරෙන අතර කාන්තාවන් සහ ගැහැනු දරුවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරෙන බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

එමෙන්ම අවදානමේ සිටින පිරිස් කෙරෙහි ද අවධානය යොමු කරන බව එම කාර්යාලය පවසයි.

මෙම මුදල් ඔස්ට්‍රේලියාව මෑතකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ලබාදුන් මුදල්වලට අමතර දායකත්වයක් යැයි ද එම කාර්යාලය තවදුරටත් කියයි.


RECOMMEND POSTS