ඩුබායි නඩු තීන්දුවකින් ඩොලර් මිලියනයක් හිමි වූ ලංකාවේ දිල්රුක්ෂි



ඩුබායි රාජ්‍යයේ සේවය කරමින් සිටියදී වෑන් රථ අනතුරකින්  පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ  ශ්‍රී  ලාංකික ගෘහ සේවිකාවක් සඳහා ඩිරාම්  මිලියනයක වන්දි මුදලක් ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් පන් කොටි හතළිස් ලක්ෂයකට ආසන්න මුදල්ක්)  ගෙවන්නැයි  ඩුබායි අධිකරණය එම රිය අනතුර සිදු කළ ඉන්දීය ජාතිකයෙකුට නියෝග කර ඇත.

මෙම වන්දි මුදල හිමි වූයේ  වූයේ ඩුබායි රාජ්‍යයේ ගෘහ‌සේවිකාවක වශයෙන් සේවය කරමින් සිටියදී ආබාධිත වූ තරංගා දිල්රුක්ෂි නැමැති 45 හැවිරිදි  ලාංකික කාන්තාවකට යැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළවන ගල්ෆ් නිව්ස් පුවත්සේවය පසුගිය දා වාර්තා කළේය.

ඉකුත් වසරේ මැයි 24 වැනි දා ඩුබායි රාජ්‍යයේ බර් ඩුබායි පොලීස් ආසන්නයේ හරස් මාර්ගයකදී ඉන්දීය ජාතික රියැදුරෙකු නොසැලකිල්ලෙන් සිදු වූ අනතුරකින් මෙම ලාංකක ගෘහ සේවිකාව පූර්ණ අබාධිත තත්ත්වය පත්ව සිය ජීවිතය රෝද පුටුවක සීමා විය.

අනතුර හේතුවෙන් ඇයගේ තුවාල වලට හා ඉන් ඇයට සිදුවූ හානියට වන්දි ඉල්ලා තමා ඩුබායි අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බවත්, වසරක කාලයක් පැවති නඩු විභාගයකින් අනතුරුව තමන්ට මෙම වන්දි මුදල ගෙවන ලෙසට එරට අධිකරණය අදාළ රියදුරුට නියම කළ බවද ගල්ෆ්  නිව්ස් වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

එම රියට අනතුර ගැන සිහිපත් කරමින් දිල්රුක්ෂි මහත්මිය ගල්ෆ් නිව්ස් පුවත් සේවය වෙත පැවසුවේ පසුගිය වසරේ මැයි 24 දා බර් ඩුබායි පොලිස් ස්ථානය අසල සීබ්රා හරස් මාර්ගයකදී මෙම අනතුර සිදු වූ බවය.
“තමා එම අවස්ථාවේ  පාර හරහා  කරමින් සිටියදී ඉන්දියානු ජාතිකයෙකු පැදවූ වෑන් රථයක්  තමාව  යටකර ගන ගිය බවත් , පසුව ඩුබායි රථවාහන අධිකරණය රියැදුරාට එරෙහිව තීන්දුවක් ලබා දුන් අතර ඔහුට ඩිරාම් 5000 ක දඩයක් නියම කළේය.

නමුත් තමාව සදාකාලික ආබාධිත තත්ත්වයට පත් කළ රියැදුරෙන් වන්දි ඉල්ලා ඩුබායි අධිකරණය හමුවේ සිවිල් නඩුවක්  පැවරීමට  ඩුබායි හි වයි.ඒ.බී නීති සමූහයේ නීති නියෝජිත සලාම් පපිනිස්සේරි මහතා ස්වේඡාවෙන් දායක වූ බවද ඇය කියා සිටින්නීය.

ඩුබායි උසාවිය මෙම නඩුව පිළිගත් අතර වින්දිතයාගේ නීතිඥයින් විසින් ගොනු කරන ලද ලිපි ලේඛන තහවුරු කර ගත් අතර අවසානයේ දිල්රුක්ෂිගේ නීතීඥයින් විසින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව සහ තුවාල තක්සේරු කිරීම මත පදනම්ව අධිකරණය විසින් වන්දි වශයෙන් ඩිරාම් මිලියනයක් ප්‍රදානය කරන්නැයි විත්තිකාර ඉන්දීය ජාතික රියැදුරුට නියම කරනු ලැබීය.

1995 වර්ෂය සඳහා වූ ඩුබායි  රථවාහන හා හදිසි නීතිය පිළිබඳ 26 වන වගන්තිය අනුව ලාංකික ගෘහසේවිකාවට  වන්දි ගෙවිය යුතු බවත්,  නීතිඥ ගාස්තු රක්ෂණ සමාගම විසින් ගෙවිය යුතු බවද ඩුබායි අධිකරණය සදහන් කර ඇත.

ලංකාවේ අඩු ආයදායම්ලාභි පවුලක තැනැත්තියක වන තරංගා දිල්රැක්ෂි මහත්මිය  පූර්ණ ආබාධිත තත්ත්වය පත් වීමෙන් පසු මව්රටට පැමිණ සිටින්නීය. ඇයට  සිය සැමියා සහ වයස අවුරුදු 15 සහ 14 යන පාසල් යන දරුවන් දෙදෙනෙකු සමග අසීරුවෙන් ජීවිතය ගත කර්නීය.

ඩුබායි හි ප්‍රතිකාර ලැබූ රෝහලේ වෛද්‍ය වාර්තා වලට අනුව ඇයට ජීවිත කාලය පුරාම ආධාර සහ ඖෂධ අවශ්‍ය වන බවත්, ඇයට හැම විටම තවත් කෙනෙකුගේ ආධාරයක් නැතිව කිසිවක් කළ නොහැකි බව ඇයගේ ඩුබායි නීතීඥවරයා ගල්ෆ් නිව්ස් වෙත පවසා ඇත.

(තිළිණි ද සිල්වා)

 


RECOMMEND POSTS